Beauty
නිරෝගී පැහැපත් සමකට අර්තාපල් වලින් කල හැකි ප්‍රතිකාර
අතීතයේ සිට කාන්තාවන් තම රුව සම්පත රැක ගැනීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිතා කල අතර රූපලාවණ්‍ය ප්‍රතිකාර සදහා වැඩි වශයෙන් ස්වාභාවික දේ උපයෝගී කරගෙන තිබේ. අදටත් ලොව වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර ඇති රූපලාවණ්‍ය නිෂ්පාදනයි.
එදිනෙදා රූපලාවන්‍ය සත්කාර සදහා ඔබට ශාක වර්ග ,එළවළු, පළතුරු , කිරි වර්ග, මී පැණි වැනි දේ යොදා ගත හැකි අතර සමට හොද ප්‍රතිපල ලබා ගත හැකි.
මේ අතර නිවසේදී ඉතා පහසුවෙන් අර්තාපල් අල යොදා ගනිමින් ඔබට කල හැකි සත්කාර දැනගන්න.
වියළි සම සඳහා (for dry skin)
අර්තාපල් අලයක් හොදින් පිරිසිදු කර පෙති කපා ගන්න. ඉන් පසුව එය blend එකට දමා එයට කිරි තේ හැදි කිහිපයක් එක් කර පාප්පයක් වන ලෙස blend කරගන්න. එය ඔබට ඉතා පහසුවෙන් ඔබේ මුහුණ ආලේප කිරීමට උදව් වේ. මෙම මිශ්‍රණය මුහුණේ තවරා විනාඩි 20 -30 ක් පමණ වෙලාවක් තබා සෝදා ඉවත් කර ගන්න. වියළි සම ඉතා ඉක්මනින් නැති කර ගැනීමට මෙය උදව් වේ.
ඇස් වටා කලු වීම සදහා (for dark eye circles)
අර්තාපල් අලයක් ගෙන හොදින් සෝදා පිරිසිදු කර ඉතා තුනී ලෙස පෙති දෙකක් කපා ගන්න. දැන් එය ඔබේ දැස් මත තබා විනාඩි 20 ක් පමණ සිටින්න. නැතිනම් අර්තාපල් අලයක් බ්ලෙන්ඩ් කර එහි යුෂ ඇස් වටා ආලේප කිරීමත් ඔබට කල හැකි.
මැරුණු සම ඉවත් කිරීම සදහා (to remove dead skin)
මේ සඳහා පිරිසිදු කරගත් අර්තාපල් අලයක් blend කර එම යුෂ ඔබගේ මුහුණේ ආලේප කර විනාඩි 20 ක් පමණ වෙලාවක් තබා සෝදා හරින්න.
ස්වභාවික ලෙස සම bleach කර ගැනීම් සදහා (bleach skin naturally)
අර්තාපල් අලයක් හොදින් blend කර එයට ලෙමන් යුෂ මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ අඳුරු සම පැහැපත් කර ගත හැකි.
(under the courtesy of goodhousekeeping.lk web)